16.6.16

Despicable Me කථාව ගැන කියනවනම්, අපරාධ ලෝකයේ වැඩකාරයෝ දෙන්නෙක් තමා ගෲ සහ වෙක්ටර් කියන්නේ. ගෲ කියන්නේ මැදිවියේ කෙනෙක්. වෙක්ටර් තරුණයෙක්. හැබැයි මේ දෙන්නම කරන්නේ එසේ මෙසේ අපරාධ, හොරකම් නෙමෙයි. වෙක්ටර් එක වතාවක් පිරමීඩයක් හොරකම් කරනවා. ඒකෙන් ලෝකේ හැමෝම වගේ සලිත වෙනවා. මේ අතරේ ගෲගේ සිහිනය තමා (හඳ) හොරකම් කිරීම. ඒකට ලොකු ව්‍යාපෘතියක් දියත් කරනවා. හඳ කුඩාකරල පෘතුවියට ගේන්න තමා සැලැස්ම. ඒක කරන යන්ත්‍රය ගෲ ජපන් රටෙන් හොරකම් කරනවා, ගෲගෙන් වෙක්ටර් හොරකම් කරනවා.ගෲ ඒක නැවත ලබාගන්න හදනකොට තමා පොඩි අනාථ ගැහැණු ලමයි තුන්දෙනෙක් දකින්නේ. ඉතිං ගෲ කරන්නේ මේ තුන්දෙනා මාර්ගයෙන් වෙක්ටර්ගෙන් අර කුඩාකරන යන්ත්‍රය ආපසු ලබාගන්න හදන එක. ඒකට මෙයා ඒ ලමයින්ව හදාගන්න බාරගන්නවා. එතනින් එහාට ඉතින් ෆිල්ම් එකෙන්ම බලමු.

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com