අයිපීඑල් ක්‍රිකට් තරගාවලියක් වුණත් මේ තරු නිසා එය තරු තරගයක් බවට පත් වූ අයුරු ඔබට මතක ඇති. ශිල්පා ශෙට්ටිත් ඒ අතරේ කතා වූ නිළියක්.
දැන් ඇය රිදි තිරයේදී නම් අපට දකින්නට ලැබෙන්නේ නැති තරම්. ඒ ඇය ව්‍යාපාරික ලෝකයේ කාර්ය බහුල කාන්තවක වීම නිසා. කොහොම වුණත් ආරාධිත රංගනයන් සහ කුඩා චරිත සඳහා ඇයගේ දායකත්වය ලැබෙනවා.
බීබීසි රේඩියෝ 2 නාලිකාවේ වැඩසටහනක් සමඟින් ශිල්පා ආයෙමත් බොලිවුඩ් රසික රසිකාවන් අතරට එන්න සූදානම්. එහිදී ඇය බොලිවුඩ් චිත්‍රපට ගැන කතා කරන්න නියමිතයි. ලබන මාසයේ සිට එය අසන්න හැකි වේවි. බොලිවුඩයේ සුපිරිතම ගායිකාව වන ලතා මංගේශ්කාර් සමඟින් චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් ඒ සඳහා සම්බන්ධ වෙන්න නියමිතයි.
ව්‍යාපාරික ලෝකයේදී ශිල්පා ඉහළ සාර්ථකත්වයක් ලැබූ කාන්තාවක්. අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ සම හිමිකාරිය වගේම ස්වර්ණාභරණ සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයකත් ඇය හිමිකාරිත්වය දරනවා. ඒ වගේම ඇය ශරීර සුවතා විශේෂඥවරික ලෙසත් කටයුතු කරනවා. ඇයගේ සැමියා රාජ් කුන්ද්‍රාත් ව්‍යාපාරිකයෙක්.



