අනුෂ්කා රෝසි ලෙස ප්‍රධාන නිළි චරිතය හරි අපූරුවට රඟපාන බොම්බෙ වෙල්වට් චිත්‍රපටය මේ දිනවල ලොව පුරා තිරගත වුණත් එය ආදායම් වාර්තා තැබිම අතින් හිතූතරම් සාර්ථක නැහැ.අනුෂ්කා සිනමාවෙන් ඉවත්වන බවට රාවය පැතිරෙන්නේ ඒ නිසාදැයි ඇතැමුන් සිතුවත් එය එසේ විය නොහැක්කේ ඇය රඟපෑ හා බොහෝ බලාපොරොත්තු තබාගත හැකි චිත්‍රපට තව තිරගතවන්නට තිබෙන නිසයි. සෝයා අක්තර් අධ්‍යක්ෂණය කළ දිල් දඩ්කනේ දෝ ඉන් එකක්. ඒ වගේම එන් එච් 10 චිත්‍රපටයෙන් ඇය චිත්‍රපට නිෂ්පාදනයටත් පිවිසුණා. සියල්ල සලකා බැලූ විට අනුෂ්කාගේ සිනමා ජීවිතයේ අතිසාර්ථක කාලයක් ලෙස මේ ගතවන කාලය හැඳින්විය හැකියි.
අනුෂ්කා හා විරාත් අතර ප්‍රේමය තවදුරටත් රහසක් නමෛයි. ප්‍රසිද්ධ තැන්වල ඔවුන් දෙදෙනා දැන් නිතර එකට දකින්නට ලැබෙනවා. පසුගිය දිනවල ඉන්ඩියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ විරාත් ක්‍රීඩා කළ තරගවලදී අනුෂ්කා බොහෝවිට දකින්නට ලැබුණා පමණක් නොවෙයි ඇය එහි සමාරම්භක උත්සවයේ නර්තනයක්ද ඉදිරිපත් කළා. බොම්බෙ වෙල්වට් අපේ රටේ රූපගත කරද්දී අනුෂ්කා මුණගැසෙන්නට විරාත් මෙහි පැමිණ ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ වගේම අනුෂ්කා තම පවුලේ අයට දක්වන දැඩි ළබැඳියාවත් නොරහසක්. විශේෂයෙන් ඇගේ පියා වන ඉන්දීය යුද හමුදාවේ කර්නල් අජේ කුමාර් ෂර්මා හා සොයුරා වන නාවුක හමුදාවේ කර්නේෂ් ෂර්මා මෙන්ම මව සමග අනුෂ්කාගේ දැඩි බැඳීමක් තිබෙනවා. ඒ වගේම තම සුරතල් සුනඛයා ඩුඩ් හා අනුෂ්කාගේ බැඳීමත් බොහෝ දෙනෙක් දන්නවා. අනුෂ්කා විදේශගතවන හැම වතාවකම පවුලේ අය ඇයට ආයුබෝවන් කියන්න ගුවන්තොටුපළට එන්නේ ඩුඩ් ද කැටුවයි.


/Anushka%20Sharma/anushka-sharma-47a.jpg)

