30.5.15





සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා පවසයි.

ඇය සඳහන් කළේ, තමන් බොහෝ අවස්ථාවල තනිව සිටීමට ප්‍රිය කරන බව ය.

වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා ය.



26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නොමැති බව ය.

තමන්ට ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුණ ගැසෙනුයේ, සම්මාන උළෙලවලදී පමණක් බව ද සෝනක්ෂි සින්හා පැවසීය.

curtesy : newsfirst

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com