1.6.15

 
තාරුකා වන්නිආරච්චි
මේ දිනවල විකාශය වන ‘දේවි’ ටෙලි සිත්තමෙහි දේවි ලෙසද සඳ දියවර හී සජානා ලෙසද සතියේ දින පහේම ඔබේ ආලින්දයට එන ඇය තාරුකා වන්නිආරච්චි යි. ඉතින් මේ දිනවල ඇගේ තොරතුරු කතා බහ කරන්න රසඳුන සමඟ එක්වන්නේ ඇයයි.

තාරුකා මොකො හිටි හැටියේ මෙහෙනින්වහන්සේ කෙනෙක් වෙන්න හිතුණේ?

ඒ හිරු ටී. වී එකෙන් කෙරෙන පොසොන් නාට්‍යයක රූගත කිරීම් අතර තුර ගත් ඡායාරූප ටිකක්.

දැන් හරිම කාර්යබහුලයි නේද ?

ඔව්. ටිකක් විතර...

ඒ කියන්නේ තාරුකා දැන් ජනප්‍රිය තරුවක් ?
හ්ම්.. තරුවක් තමයි..

තරු කාලෙකට පායලා කාලෙකට නැතිවෙන්නත් පුළුවන්?
තරුවක් වෙන්නත් වාසනාව කියන දේ බලපානවා. ඉතින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කළොත් තරුවක් ලෙස හැමදාම පවතින්න පුළුවන්.

ජනප්‍රිය වුණහම කට කතා හැදෙනවා වැඩියි ?
කට කතා කියන්නෙත් ගින්නක් නැතුව නගින දුමක් ව‍ගෙයි. ඉතින් ඒ ගැන හිතන්නේ නැතිව තමන් කරන දේ හරියට කරනවා නම් එච්චරයි.

තාරුකාටත් එවැනි කතා හැදිලා තියෙනවාද?
දැනට නම් නැහැ. හදන්නත් බලාගෙන අය ඉන්න නිසා ඉස්සරහට කොහොම වේවිද දන්නෙත් නැහැ.

ඔබේ රංගනය යම් රාමුවකට කොටු වුණු ස්වභාවයක් පේනනවා?
මට ලැබුණු චරිත බොහොමයක් අහිංසක ගැමි චරිත. ඒ නිසා නේද ඔය වගේ කතා කියන්නේ..


ඊට විශේෂ හේතුවක් තියෙනවාද?
ඒක නම් කියන්න දන්නේ නැහැ. නමුත් මට එවැනි චරිත ලැබීම ගැන දැන් තියෙන්නේ සතුටක්. මොකද මට වඩාත් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් එවැනි චරිත ඔස්සෙයි.

අහිංසක පෙනුමට එවැනි චරිත ලැබෙන්නේ?
මම දන්නේ නැහැ. නපුරු කෙනෙකුට වුණත් අහිංසක චරිත කරන්න පුළුවන්. අහිංසක කෙනෙකුට නපුරු චරිතයටක පණ පොවන්නත් පුළුවන්. රංගනය කියන්නේ ඒකට තමයි.

එතකොට තාරුකා හැබැවින්ම අහිංසකද නපුරුද?
ඊට වඩා මම කැමැති මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක් කියන්න.

පාඩුවේ හිටියම කැපිලි වැඩියි නේ?
මම ඒ ගැන හිතන්නේ නැහැ. පාඩුවේ ඉන්නවා නම් මොන කැපිලි ආවත් දැනෙන්නේ නැහැ.

මේ දිනවල වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ කුමන චරිතයටද?
දේවී හි දේවිගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිදාර ලැබෙනවා.

ෂුටිං යද්දි අම්මා එක්කරගෙන යන පුරුද්ද නතර කරන්න අදහසක් නැද්ද?
ෙඑහෙම නම් නැහැ. තනියම යනවට වඩා අම්මා එක්ක යන හොඳයි.

දැන් පිළිවෙළක් වෙන්න හිතන් ඉන්නවා කියලත් අපිට ආරංචියි?
ඔව්. එහෙම අදහසක් තියෙනවා.

එහෙනම් පිළිවෙළක් වෙන්න කෙනෙකුත් හොයා ගෙන ඇතිනෙ?
තවම තෝරගෙන නැහැ. තෝර ගන්න අදහසක් තියෙනවා.

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com