3.6.15


1991 දී බොලිවුඩ් සිනමාවට එක්ව රූපයෙන් සහ රංගනයෙන් රසික යන් ආකර්ෂණය කර ගත් ඇය, රවීනා තැන්ඩන්. ඇගේ රැඟුම් දැන් බොලිවුඩ් චිත්‍රපටවලින් දැක ගන්නට ලැබෙන්නේ ඉඳහිට.

 2004 දී විවාහ දිවියට එළැඹුණු රවීනා, මේ වන විට 40 වැනි වයෙහි පසුවුවද එදා තිබුණු ජනප්‍රියත්වය තවමත් ගිලිහී ගොස් නැහැ.

ඒ බවට තිබෙන හොඳම සාක්ෂිය දැන් තිරගතවන ‘බොම්බේ වෙල්වට්’ චිත්‍රපටයයි. රවීනා මේ චිත්‍රපටයේ ඉදිරපත් කරන ආරාධිත රංගනයේ කාලය ඉතාම කෙටියි.


ඒත් ඒ සුළු කාලය තුළ ඇගේ රුව තිර‍යේ දිස්වන විට ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් වෙතින් විසිරෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්. ඔවුන් අත්පොලසන් දෙන්නටත්, විසිල් කරන්නටත් පටන් ගන්නේ සිනමා ශාලාව දෙවනත් කරමින්.

මේ රසික ප්‍රතිචාර නිසා රවීනා මේ දිනවල කිව නොහැකි සතුටකින් සිටිනවා.

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com