3.6.15



ලබන මාසයේ තවත් බොලිවුඩ් තරුවකට මංගල සීනු හැඬවෙන බවට ආරංචි පැතිර යමින් තිබෙනවා. යුග දිවි ගමනට මුල පුරන්න බලාපොරොත්තු වන්නේ ජනප්‍රිය නළු, ශාහිඩ් කපූර්. ඔහුගේ මනාලිය, මීරා රාජ්පුට්. ඇය සිනමා ලොවට කිසිසේත්ම සම්බන්ධ කෙනකු නොවෙයි.

 දිල්ලි නුවර ඉපදී හැදී වැඩුණු මීරා, තුන්වැනි වසරේ උපාධි අපේක්ෂිකාවක්. ඇය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබා ගන්නයි අධ්‍යාපනය ලබන්නේ.

ශාහිඩ් සහ මීරා අතර විවාහ ගිවිස ගැනීමේ උත්සවය ලබන දෙසැම්බර් මාසයේදී පවත්වන්නටයි කළින් සැලසුම් කර තිබුණේ. ඒත්, දෙපාර්ශ්වයේම දෙමවුපියන්ගේ එකඟත්වය මත එය ලබන ජූනි මාසයේදී පැවැත්වෙන බවයි අලුත්ම ආරංචිවල සටහන් වන්නේ.


 ඒ වෙනුවෙන් සියලු දේ ලක ලැහැස්ති වෙද්දී, ශාහිඩ් සහ මීරා ගේ මුදු පැලඳවී‍ෙම් උත්සවය මැයි 16 දා මීරා ගේ නිවෙසේ පැවැත්වුණා.

මේ සඳහා සහභාගි වුණේ ඔවුන් දෙදෙනාගේ දෙමවුපියන්, ළඟම ඥාතීන් සහ මිතුරු මිතුරියන් අතළොස්සක් පමණයි. මේ මුදු මාරුවේදී ශාහිඩ්, තම අනාගත මනාලියගේ සුරතෙහි පැලඳූ වටිනා දියමන්ති මුදුවේ වටිනාකම ඉන්දීය රු. ලක්ෂ 23 ක් බවයි පැවසෙන්නේ.

 මීරා ගේ කැමැත්ත අනුව මේ දියමන්ති මුදුවේ මෝස්තරය නිර්මාණය වූ බවත් එය නිර්මාණය කළේ දිල්ලි නුවර සුප්‍රකට ස්වර්ණාභරණ මාළිගයක් බවත් ශාහිඩ්ගේ හිතවතකු පැවසුවා.
 

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com