ඉක්මණින් ම ‘මේක් අප් එක’ දමාගෙන රූගත කිරීම් ආරම්භ කිරීම ආසන්න වනතුරු නිදා ගන්න ජනප්‍රිය නිළි කැටී හෝම්ස් හරි කැමැතියිලු.
ඇගේ මේ නින්දට රැයක්, දවාලක් විතරක් නෙමෙයි, උදේ කාලයක් වුණත් ඔට්ටුයිලු.
“මම හුඟක් වෙලාවට කාර්ය බහුලයි. ඒ නිසා චිත්‍රපටයක රූගත කිරීමකට ගිහින් මේක් අප් එක ඉක්මණටම දාගන්නයි මම උනන්දු වෙන්නෙ. ඉන් පස්සෙ ෂූටින් පටන් ගන්න තුරු ටිකක් වෙලා නිදා ගන්නවා.
විනාඩි 20 කින් විතර ඇහැරිලා මම රූගත කිරීම් වලට එකතු වෙනවා.” එලෙස පවසන කැටී, තමන්ගේ කාලය ඇෙමරිකාවේ විවිධ පළාත් අනුව බෙදා ගන්න බවයි පැවසෙන්නේ.
විවිධ නගරවල සිදුවන රූගත කිරීම් වලට යෑමේදී මෙලෙස කාලය බෙදා ගැනීම වැදගත් බවයි ඇය පවසන්නේ.
“ඒ විදිහට නගරවලට යද්දි මගේ රුව රැකගන්න මම ගොඩක් උත්සාහ කරනවා.
සමහර නරගවල පරිසරය අනුවත් මම හැඩගැහෙනවා. නිව්යෝක් වලට ආවාම මම මූණ හෝදනවා. මොකද, ඒ නගරය අපිරිසුදුයි කියල මට හිතෙන නිසා.
ඒත් කැලිෆෝනියාව නම් හරිම වියළියි. මම ඒ පැත්තට ගියාම ගොඩක් වතුර බොනවා.” නිදා ගන්නට වගේම වතුර බොන්නටත් මේ යොවුන් නිළිය හරි කැමැතියිලු.



