3.6.15


කැසිනෝ රෝයල්’ චිත්‍රපටයේ රඟපෑ ජනප්‍රිය නිළි ඊවා ග්‍රීන්, තමන්ගේ හිස කෙස් වර්ණ කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා. මේ ආසාව ඇයට ඇති වී තිබෙන්නේ වයස අවුරුදු 15 තරම් කුඩා කාලයේදීයි.

“මගේ අම්මා, එයාගෙ කොණ්ඩයේ පාට ගෑවා. ඒක අම්මා කළේ යාළුවන් කරනවා දැකලයි.
ඉතින් මමත් අම්මා කළ දේම කළා. එදා ඉඳල අද වනතුරු මම මගේ කොණ්ඩෙ පාට කරනවා.” දැනට 34 වැනි වියෙහි පසුවන ඊවා කියා සිටියා.

“ඉස්කෝලෙ යන කාලෙ මම ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඔය අතරෙදි විශේෂ දේවල් කරන්නත් මගේ ආසාවක් තිබුණා. කොණ්ඩය පාට කළේ එහෙම වෙනසක් කරන්න හිතාගෙන තමයි.


මගේ අම්මාගේ යාළුවන් ගැන මට තිබුණේ බයක්. ඒත්, ඒ අයගේ පාට පාට කොණ්ඩ දැක්කාම මටත් ඒව කරන්න හිතුණා. සැලුන් එකකට ගියා, කොණ්ඩයේ නිල් පාට, කළුපාට ගාගෙන ගෙදර ආවා.

මේ විනෝදාංශය චිත්‍රපටවල විවිධ චරිත නිරූපණයේදීත් මට ගොඩක් උපකාරී වුණා.” නමටත් ‘පාට ගෑවුණු’ නිළිය එලෙස කීවා.

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com