3.6.15


ජනප්‍රිය පොප් ගායිකා ඩෙමිලවෙටෝ වත්මන් යොවුන් රසික පිරිස අතර දිදුලන ජනප්‍රිය තරුවක්.
දැනට 22 වැනි වියෙහි පසුවන රූමත් ඩෙමි, මීට කාලයක ඉහතදී මත්ද්‍රව්‍ය සහ මත්වතුර භාවිතයට තදින් ම ඇබ්බැහි වී සිටිවා. මේ වන විට ඇය ඒ අභාග්‍යසම්පන්න ජීවිතයෙන් සමුගෙන හමාරයි.

ඒ වුණත් ඇගේ ජීවිතයට සමීපවී සිටින සුපිරි නළු විල්මර් වැල්ඩරාමා නිසා ඇයට ‍බොහෝ දෙනෙකුගෙන් දොස් අහන්නට සිදුවෙලා. ඔහුගේ වයස අවුරුදු 35 ක්.

ඩෙමී දෝෂාරෝපණයට ලක්වී ඇත්තේ මේ වයස් පරතරය නිසාම නොවෙයි. ඔහු විවාහකයකුද වන නිසයි. ඩෙමී සහ විල්මර් ගේ ඇසුර ඇරැඹුණේ 2010 දී.


ඒ ප්‍රේමය හරියට නිවෙන දැල්වෙන බල්බයකට සමාන වුණා. එක කාලයකදී හිත හොඳින් ඇසුරු කරන ඔවුන් දෙදෙනා තවත් කාලයකදී හිත නොහොඳින් වෙන් වුණා. ඒ ‍නොහොඳ පැවතු‍ණේ ටික කාලයයි. ආයෙමත් ඔවුන් දෙදෙනා එක්වුණා.

පසුගියදා කෙටි සම්මුඛ සාකච්ඡාවකදී ඩෙමී කියා සිටියේ තමන්, විල්මර් ට කෙතරම් ස්තුති කළත් තම සිතට අස්වැසිල්ලක් නැති බවයි.

“එයා තමයි මාව ඇල්කොහොල් වලින්, මත්ද්‍රව්‍ය වලින් බේරා ගත්තේ. එයා නොහිටින්න මම අද ජීවතුන් අතර නැහැ.” ඩෙමී ‍එලෙස කියා සිටියා.

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com