3.6.15



පැතුම් ගොන්නක් සිත තුළ රුවාගෙන රංගනයෙන් ඉදිරියට යන්නට වෑයම් කළ සුරූපී නිළියකගේ වටිනා ජීවිතය පසුගියදා ශෝකජනක අයුරින් නිමාවට පත්වුණා.

හදිසියේ ම ජීවිතයෙන් සමුගත් ඇය, ශිඛා ජෝශි. ජනප්‍රිය නිළියක් නොවූ ඇය සදහටම දෙනෙත් පියා ගත්තේ සිය දිවි හානිකර ගැනීමෙන්. මිය යන විට ඇයගේ වයස අවුරුදු 40 ක්. තියුණු ආයුධයකින් ඇය තම ගෙල කපා ගැනීම නිසා මරණය සිදු වූ බවයි පැවසෙන්නේ.

ශිඛා ජෝශි සිනමා රසිකයන් අතරට පැමිණියේ 2012 තිරගතවූ ‘බී.ඒ. පාස්’ නම් වූ චිත්‍රපටයේ රඟපෑමෙන්. නිරූපණ කලාවෙන් රංගයට පිවිසුණු ඇය ඉන්දීය ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කළා. ඒත් ඇයට චිත්‍රපටවල හෝ ටෙලිනාට්‍ය නිළියක ලෙස ස්ථාවරත්වයක් ඇති කර ගන්නට හැකි වුණේ නැහැ.


මේ නිසා ඇය ආර්ථික අතින් දුෂ්කර අඩියක කල්ගත කළා. ඇගේ සැමියා සහ 19 වියැති දියණිය වෙසෙන්නේ ඇ‍ෙමරිකාවෙයි.

ශිඛා මේ අනතුර සිදුකරගෙන ඇත්තේ ඇගේ මිතුරියක වන මධුභාති ගේ නිවෙසේ නාන කාමරයේදීයි. ශිඛා මේ මිතුරියගේ නිවෙසේ වාසය කළ බවයි පැවසෙන්නේ.

‘බී.ඒ. පාස්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අජේ බාහ් කීවේ ශිඛා මේ චිත්‍රපටයේ රඟපෑවේ දැඩි සතුටකින් බවයි. “එයා ලස්සන නිළියක්. මීට තුන් හාර මාසයකට කලින් මාව මුණ ගැහෙන්න ආවා. ඒ දවස්වල නම් එයා කනගාටුවකින් ඉන්න බවක් පෙනුණෙ නැහැ. එයාගෙ දුව හොඳට ඉගෙන ගන්න බව මාත් එක්ක කිව්වා”. අධ්‍යක්ෂවරයා පැවසුවා.

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com